Wednesday, November 28, 2012

Fondant Icing සාදා ගන්නා හැටි

අවශ්‍ය ද්‍රව්‍ය:

White Mini Mashmellows  1 pound
 වතුර මේස හැදි  2 -5 අතර ප්‍රමාණයක්
Icing Sugar  2 pound
Crisco Shortening  1/2 cup

සාදා ගන්නා ආකාරය :

මුලින්ම Mashmellows microwave එකේ use කරන්න කරන්න පුලුවන්විදියෙ glass bowl එකකට දාගෙන එයටම වතුර මේස  හැදි 2ක් දමා කලවම් කර ගන්න. ඊට පස්සෙ bowl එක microwave  එකේ තත්පර 30ක් තියල එලියට අරන් හොදින් කලවම් කරන්න.  ඔයාලට එක ලී හැන්දක මිටෙන් කරන්න පුලුවන්.  මේ විදියට mashmellows ඔක්කොම හොදින් දිය වෙනකම් තත්පර 30 ගානෙ microwave එකේ තිය තියා ගන්න. බොහොවිට මිනිත්තු 2.5 ක් යනකොට ඔක්කොම mashmellows හොදීන් දිය වෙනව. ඊට පස්සෙ ඒ mixture  එකට icing sugar වලින් 3/4ක් දාලා පොඩ්ඩක් කලවම් කරන්න.

දැන් තමයි අර මුලින්ම කිව්ව shortening එක ඔනෙ වෙන්නෙ. . Shortening ටිකක් අරගෙන හොදට අත් දෙකේම ගා ගන්න ඔනෙ. ඊට පස්සෙ අපි fondant  එක අනා  ගන්න යොදා ගන්න counter එකෙත් shortening හොදින් ගාගන්න ඔනෙ. මොකද mashmellow  එක සැහෙන්න ඇලෙන සුලුයි.

දැන් කලින් හදා ගත්ත mashmellow / icing sugar mixture එක එම counter එක උඩට දාලා අත් දෙකෙන්  හොදින් අනාගන්න. අපි පාන් හදද්දි පිටි අනන විදියට තමයි මේ dough එකත් අනා ගන්න ඔනෙ.
මුලින්ම මෙක ගොඩක් ඇලෙනසුලුයි, ඒත් ටික වෙලවක් යද්දි ඒ ගතිය අඩු වේගෙන යනව. එතකොට ඉතිරි icing sugar  ටිකත් දලා හොදින් අනා ගන්න.  මේ විදියට හදා ගන්න  fondant බොලය ඉරෙනවා වගෙ දැනෙනව නම් වතුර මේස හැන්දි 1/2 බැගින් එකතු කරමින් දිගටම හොදින් අනා ගන්න.  Fondant බොලය ඇලෙනව වගෙ දැනෙනව නම් , තව icing sugar එකතු කරන්න.  සාමන්‍යයෙන් මිනිත්තු 8ක් විතර යනකොට අපිට මෙක හදල ඉවර කර ගන්න පුලුවන්. 

මෙතනදි අපිට ඔනෙ නම්, මේ වෙලාවෙම මේක cake  එක හදාගන්න යොදා ගන්න පුලුවන්. ඒත් වැඩියෙන්ම හොදම විදිය තමයි plastic wrap එකකින් දෙවරක් හොදින් ඔතල රැයක් තියල පාවිච්චියට ගන්න එක. හදා ගත්ත  fondant බොලයෙ පොඩ්ඩක් හරි icing sugar  කැට කැට වගෙ තියෙනව පෙනෙනව නම් ඒව අයින් වෙනකම් හොදින් අතින් අනා ගන්න ඔනෙ. නැත්නම් fondant එක cake එක උඩ ඇතිරුවට පස්සෙ ඒ  icing කැට තියෙන තැන් ඉස්සිලා වගේ පේන්න ගන්නව.

3 comments:

  1. This is very valuble. I've forgotten how to do this. Tks for the tips dear!

    ReplyDelete
  2. Thanks for the recipe, I didn't try it yet. After I done I will let you know.

    ReplyDelete