Friday, November 30, 2012

කැරට් කේක් සාදා ගන්නා අයුරු


අවශ්‍ය ද්‍රව්‍ය:

 බිත්තර  3
 Butter milk  කෝප්ප ¾* *
 එලවලු තෙල්  කෝප්ප 3/4
 සුදු සීනි  කෝප්ප  1 1/2
 වැනිලා  තේ හැදි  2 
 කුඩු කරගත් කුරුදු  තේ හැදි 2 (කැමති නම් පමනක් දාන්න)
 ලුනු කුඩු  තේ හැදි 1/4
 All purpose පිටි  කෝප්ප 2
 Baking soda  තේ හැදි 2
 සිහින් වෙන්න ගා ගත් කැරට්  කෝප්ප 2
 ගා ගත් පොල්  කෝප්ප 1
 සිහින් වෙන්න ලියා ගත් walnuts  කෝප්ප 1
 සිහින් වෙන්න බ්ලෙන්ඩ් කර ගත් අන්නාසි  අවුන්ස 8 (කෑන් 1)
 raisins  කෝප්ප 1

** Butter milk කෝප්ප 1ක් සාදා ගැනීමට, කෝප්පයකට විනාකිරි හෝ දෙහි යුශ මේස හැන්දක් දමා ඉතිරි ප්‍රමාණයට කිරි (fresh milk) දමා සාදා ගන්න.

සාදා ගන්නා ආකාරය:

* මුලින්ම oven එක සෙල්සියස් 175ට රත් කර ගන්න. 8*12 කේක් ට්‍රේ එකක් අර ගෙන ඒකෙ හොඳට butter ගා ගන්න.
* medium size bowl එකක් අර ගෙන ඒකට පිටි, බේකින් සොඩා, ලුණු සහ කුරුදු කුඩු එකට දමා හලා ගන්න.



* large bowl එකක් අර ගෙන බිත්තර, butter milk, තෙල්, සීනි සහ වැනිලා දමා කලවම් කර ගන්න. එයටම කලින් සාදා ගත් පිටි මිශ්‍රණය දමා කලවම් කර ගන්න.



* medium bowl එකකට  ගා ගත් කැරට්, පොල්, walnuts, අන්නාසි සහ raisins දමා කලවම් කර ගන්න.





* මෙම මිශ්‍රණය කලින් සාදා ගත් පිටි සහිත මිශ්‍රණයට දමා ලොකු ලී හැන්දකින් හෝ heavy whisk එකකින් හොඳින් කලවම් කර ගන්න.



* ඉන් පසු මෙම මිශ්‍රණය කේක් ට්‍රේ එකට දමා සෙල්සියස් 175ට පැයක් බේක් කර ගන්න. බොහෝවිට මිනිත්තු 25ක් පමන යන විට කේක් එක බේක් වෙනවා. (tooth pick එකකින් check කර  ගන්න. )






No comments:

Post a Comment