Friday, January 18, 2013

මොකක්ද මේ 3D sound?



මොකක්ද මේ ත්රිමාන ශබ්ද (3D sound). කොහොමද අපි පරිසරයෙ ශබ්ද හඳූනගන්නෙ.3D ශබ්ද පටිගත කරන්නෙ කොහොමද. මේ හැ දෙයක්ම මේ වීඩියෝ එකේන් කතා වෙනව. වගෙම තමා 3D sound track එකක්(virtual haircut) අහන්නත් පුලුවන් මේ වීඩියෝ එකෙන්. බලල යාලුවන්ටත් share කරන්න.


Friday, January 11, 2013

Monster Truck (යකාගෙ ට්‍රක්)

Monster Truck  ගැන දැන ගන්න කමති අයට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි.මේකෙ තියෙනව Jet engine powered golf cart එකේ වීඩියෝ එකකුත්.



Thursday, January 3, 2013

බැදලා කන Ice Cream


Deep Fried Ice Cream

මම කාපු කෑම වර්ග වලින් ගොඩාක්ම රස කෑමක් තමා මේක. ඉතින් ඔයාලටත් ඒක ලේසියෙන්ම වගේ කර ගන්න පුලුවන් වෙවි මේ වීඩියෝ එක බලුවොත්.

අවශ්‍ය ද්‍රව්‍ය:

අයිස් ක්‍රීම්
බිස්කට් කුඩු/ කුඩු කරගත් සීරියල්
බිත්තර සාරු
බැද ගැනීමට තෙල්


සාදා ගන්නා ආකාරය :

1. පළමුව අයිස් ක්‍රීම් හැන්දකින් ගෙන බෝලයක් ආකාරයට සකසා, බිස්කට් කුඩු වල හොදින් දවටන්න. බිස්කට් හොදටම කුඩු කර ගන්නත් එපා. තරමක් කෑලි තිබුනම එකෙ රස වැඩී.
2. මේ හදා ගනිපු අයිස් ක්‍රීම් බෝල  ෆ්‍රීසර් එකට දමන්න.
3. එය හොදින් ඝණවූ පසු නැවත ෆ්‍රිජ් එකෙන් එලියට ගෙන  බිත්තර සාරු වල තවරා බිස්කට් කුඩු වල හොදින් දවටා නැවත ෆ්‍රීසර් එකට දමන්න.
4. තුන් වෙනි වරටත් මේ හදා ගනිපු අයිස් ක්‍රීම් බෝල ෆ්‍රිජ් එකෙන් එලියට ගෙන  බිත්තර සාරු වල තවරා හොදින් වැහෙන්න මේ කුඩු එක ඔතන්න ඔනෙ. නත්නම් එක බදින වෙලවෙ දිය වෙනවා.
5. එය නැවත ෆ්‍රීසර් එකට දමන්න.
6. එලෙස ටික වෙලාවක් තබා නැවත එලියට ගන්න. තෙල් ටිකක් ලිප තබා එය හොදින් රත්වූ පසු සාදා ගත් අයිස් ක්‍රීම් බෝල තෙල් එකට දමා තත්පර 5-10ක් පමණ තබා බා ගන්න.
වඩි වෙලා තියන් එපා. ඉක්මනටම දිය වෙනවා.
ඊට පස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ.


Pizza 1ක් හදමුද..

අවශ්‍ය ද්‍රව්‍ය (පීසා දෙකකට):

මද රස්නය සහිත වතුර කෝප්ප 1/2 (120ml, සෙල්සියස් 32-34 අතර )
Active dry yeast තේ හැදි 2 (10 ml)
සීනි තේ හැදි 1 (5ml)
පාන් පිටි කෝප්ප 5 (680g)
ලුණු කුඩු තේ හැදි 2
ඔලිව් තෙල් මේස හැදි 1
වතුර කෝප්ප 1 1/4 (300ml)
පීසා සෝස්
මොසරැල්ලා චීස්  300g පමන
අවශ්‍ය නම් වෙනත් චීස් වර්ග අවශ්‍ය පමනට




සාදා ගන්නා ආකාරය :

1. මද රස්නය සහිත වතුර උඩට මුලින්ම yeast ටික දමන්න. ඉන් පසු ඒ ටික උඩට සීනි දමා හොදින් කලවම් කර, පිපෙන තෙක් (මිනිත්තු 15ක් පමන ) පසෙකින් තබන්න.
2. පාන් පිටි, ලුණු, ඔලිව් තෙල් වෙනම භාජනයකට දමා එයට yeast මිශ්‍රණය සහ ඉතිරි වතුර ටික දමා හොදින් කලවම් කරන්න.
3. ඉන් පසු මෙය මේසයක් මතට හෝ counter top එකක් උඩට දමා මිනිත්තු 10ක් පමණ අත් දෙකෙන් තදින් අනා ගන්න.
4. හොදින් අනාගත් පිටි මිශ්‍රණය නැවත කලින් භාජනයටම දමා එය ප්‍රමාණයෙන් දෙගුණ වන තෙක් හොදින් වසා තබන්න.







5. හොදින් පිපුනු පසු නැවත එලියට ගෙන අවශ්‍ය ප්‍රමාණයට කැලි වලට වෙන් කර බෝල සකසා නැවත පිපෙන්නට තබන්න (ප්‍රමාණයෙන් එක හමාරක් පමන වන තෙක්).
6. අවන් එක සෙල්සියස් 200ට රත් කර ගන්න.
7. මුලින් සාදා ගත් පිටි බෝල වලින් අවශ්‍ය හැඩයට රොටිය tray එක මත සකසා ගන්න. රොටිය මත පීසා සෝස් ගාන්න, ගා ගත් චීස් ඒ මත අතුරා ගන්න. සකස් කර ගත් පීසා ටොපින් එක එය මත අතුරා ගන්න.
8. සකස් කර ගත් පීසා එක මුලින් රත් කර ගත් අවන් එකේ දමා විනාඩි 15-20 පමන පුලුස්සා ගන්න. මිනිත්තු 10න් පමන අවන් එක ඇර බැලීමෙන් පීසා එක සෑදී අත්දැයි බලා ගත හැක.
9. පදමට පිලිස්සුනු පීසා එක අවන් එකෙන් බා තරමක් රස්නය සහිතමවම ආහාරයට ගන්න.

ඔයලට මගෙන් තව මොනවා හෝ මේ සම්බන්ධව දැනගන්න ඇත්නම් කමෙන්ට් එකක් දාන්න.

යාලුවන් එක්කත් මේක share කර ගන්න.