Monday, December 31, 2012

GPS වැඩ කරන හැටි බලමු

How GPS Works:

චන්ද්‍රිකා තාක්ශණයෙන් අපි ගන්න එක වැදගත් අන්ගයක් තමා GPS  තාක්ශණය. ඒක කොහොමද වැඩ කරන්නෙ කියල සරලව මේ වීඩියො එකෙන් මම කතා කරනවා.


Thursday, December 27, 2012

ලොව දරුණුම සංහාරය (The worst massacre)

ලොව දරුණුම සංහාරය සහ ඒ හා සම්බන්ධ චිත්‍රපට, මේ වීඩියො එකෙන් මම කතා කරනවා.


Wednesday, December 12, 2012

ත්‍රිමානත්වය මායාවක්ද..

මේ video එක මම කලේ මගේ ත්‍රිමාණත්වය ගැන තියෙන idea එක කතා කරන්න. මම හිතන විදියට අපි නිවැරදි ත්‍රිමාණත්වය දකින්නෙ නෑ. ඒක අපි අපේ මනස තුල හදා ගත්තු දෙයක්. මේකෙ video 2ක් තියෙනවා. දෙකම බැලුවම ඔයාලට තේරේවි මම මේ අදහස් කරන්නෙ මොකක්ද කියලා.

ත්‍රිමාණත්වය මායාවක්ද? Part 1

 
ත්‍රිමාණත්වය මායාවක්ද? Part 2


3D TV ගැන දැනගමු Part 1
http://www.youtube.com/watch?v=Eh4ccNTKT-Q

3D TV ගැන දැනගමු Part 2
http://www.youtube.com/watch?v=WgOlHRheXH4

Aerial perspective
http://en.wikipedia.org/wiki/Aerial_perspective

Curvilinear perspective
http://en.wikipedia.org/wiki/Curvilinear_perspective

Light and shade
http://en.wikipedia.org/wiki/Shading

Depth of field
http://en.wikipedia.org/wiki/Depth_of_field

Vergence
http://en.wikipedia.org/wiki/Convergence_%28eye%29#Convergence

Human Field of view
http://anthro.palomar.edu/primate/prim_1.htm
http://en.wikipedia.org/wiki/Visual_field

Do we see 2D or 3D

http://answers.yahoo.com/question/index?qid=20110213075036AAuHXtE
http://wiki.answers.com/Q/Do_humans_have_2D_or_3D_vision

Parallax
http://en.wikipedia.org/wiki/Parallax

3D TV ගැන දැනගමු (How 3-D TV Works)

මේ vide එකෙන් මම උත්සාහ කරන්නෙ 3D TV වැඩ කරන හටි සරලව කියා දෙන්න. දැනට තියෙන 3D TV බලන්න අපිට විශෙෂ කන්නාඩි දාන්න වෙනවා.ඒකෙ ප්‍රදාන කොටස් දෙකයි. ඒ ක්‍රම දෙක වැඩ කරන හැටි මෙක බලුවම idea 1ක් ගන්න පුලුවන්. මේ එකේ අනික් කොටස බලන්න අමතක කරන්න එපා. එකෙන් මම මේ වල තියෙන මට පේන අඩුපඩු කම් ගන කතා කරනවා. 

Part 1
Part 2




How 3-D TV Works
http://electronics.howstuffworks.com/3d-tv.htm

Active Shutter 3D Technology for HDTV
http://phys.org/news173082582.html
http://en.wikipedia.org/wiki/Active_shutter_3D_system

More companies, such as Sony, Panasonic and Philips, are joining LG in launching more passive 3D TVs.
http://asia.cnet.com/passive-3d-tv-roundup-update-62212638.htm

Active 3D vs. Passive 3D
http://www.flatpanelshd.com/focus.php?subaction=showfull&id=1299265133
http://www.pcworld.com/article/225218/active_3d_vs_passive_3d.html
http://www.pcmag.com/article2/0,2817,2406659,00.asp

Polarized 3D system
http://en.wikipedia.org/wiki/Polarized_3D_system

Friday, November 30, 2012

Butter කේක් සාදා ගන්නා ආකාරය


අවශ්‍ය ද්‍රව්‍ය:
Butter  250g
සීනි  225g
All purpose පිටි   225g
Milk  කෝප්ප ¼
මධයම ප්‍රමාණයේ බිත්තර 5
Baking powder  තේ හැදි 2
වැනිලා  තේ හැදි  2 

සාදා ගන්නා ආකාරය:
* මුලින්ම oven එක සෙල්සියස් 300ට රත් කර ගන්න.
* පිටි සහ Baking powder  එකට කලවම් කර තුන් වරක් හොදින් හලා ගන්න.
* ඉන් පසුව සීනි සහ butter  cream වන තෙක් හොදින් beat කර ගන්න. ඉන් පසුව බිත්තර වරකට එක බැගින් එකතු කරමින් හොදින් beat කරන්න.
* මෙම මිශ්‍රණයට, පිටි මිශ්‍රණය දමා ලී හැන්දකින් හොදින් කලවම් කරන්න. එයට වැනිලා සහ milk දමා හොදින් කලවම් කරන්න.
* ඉන් පසු කලින් butter ගා ගන්නා ලද 13*9 කේක් tray එකකට දමා සෙල්සියස් 300ට මිනිත්තු 45ක් බේක් කර ගන්න.

කැරට් කේක් සාදා ගන්නා අයුරු


අවශ්‍ය ද්‍රව්‍ය:

 බිත්තර  3
 Butter milk  කෝප්ප ¾* *
 එලවලු තෙල්  කෝප්ප 3/4
 සුදු සීනි  කෝප්ප  1 1/2
 වැනිලා  තේ හැදි  2 
 කුඩු කරගත් කුරුදු  තේ හැදි 2 (කැමති නම් පමනක් දාන්න)
 ලුනු කුඩු  තේ හැදි 1/4
 All purpose පිටි  කෝප්ප 2
 Baking soda  තේ හැදි 2
 සිහින් වෙන්න ගා ගත් කැරට්  කෝප්ප 2
 ගා ගත් පොල්  කෝප්ප 1
 සිහින් වෙන්න ලියා ගත් walnuts  කෝප්ප 1
 සිහින් වෙන්න බ්ලෙන්ඩ් කර ගත් අන්නාසි  අවුන්ස 8 (කෑන් 1)
 raisins  කෝප්ප 1

** Butter milk කෝප්ප 1ක් සාදා ගැනීමට, කෝප්පයකට විනාකිරි හෝ දෙහි යුශ මේස හැන්දක් දමා ඉතිරි ප්‍රමාණයට කිරි (fresh milk) දමා සාදා ගන්න.

සාදා ගන්නා ආකාරය:

* මුලින්ම oven එක සෙල්සියස් 175ට රත් කර ගන්න. 8*12 කේක් ට්‍රේ එකක් අර ගෙන ඒකෙ හොඳට butter ගා ගන්න.
* medium size bowl එකක් අර ගෙන ඒකට පිටි, බේකින් සොඩා, ලුණු සහ කුරුදු කුඩු එකට දමා හලා ගන්න.



* large bowl එකක් අර ගෙන බිත්තර, butter milk, තෙල්, සීනි සහ වැනිලා දමා කලවම් කර ගන්න. එයටම කලින් සාදා ගත් පිටි මිශ්‍රණය දමා කලවම් කර ගන්න.



* medium bowl එකකට  ගා ගත් කැරට්, පොල්, walnuts, අන්නාසි සහ raisins දමා කලවම් කර ගන්න.





* මෙම මිශ්‍රණය කලින් සාදා ගත් පිටි සහිත මිශ්‍රණයට දමා ලොකු ලී හැන්දකින් හෝ heavy whisk එකකින් හොඳින් කලවම් කර ගන්න.



* ඉන් පසු මෙම මිශ්‍රණය කේක් ට්‍රේ එකට දමා සෙල්සියස් 175ට පැයක් බේක් කර ගන්න. බොහෝවිට මිනිත්තු 25ක් පමන යන විට කේක් එක බේක් වෙනවා. (tooth pick එකකින් check කර  ගන්න. )






Thursday, November 29, 2012

Butter Cream Icing Recipe

Crisco white shortening:  1 cup
Icing sugar: 4 cup
Vanilla: 2 teaspoon
Butter flavor: 2 teaspoon
Almond extract: 1 teaspoon (optional)

මුලින්ම shortening cream  එකක් ආකාරයට එනතෙක්  beat කර ගන්න. ඊට පස්සෙ ඒකට vanilla, butter/ almond flavors එකතු කර beat කර ගන්න.ඊලගට ඒකට icing sugar කොප්ප එක බැගින් එකතු කරමින් beat කර ගන්න.(මෙතනදි medium speed එකෙන් beat කරන්න ).ඒකට වතුර මෙස හැදි 4ක් එකතු කරල ඒකත් හොදින් කලවම් කර ගත්තට පස්සෙ අපිට පුලුවන් මේ icing එක cake එක cover කරන්න යොදා ගන්න.
තණකොළ හදා ගන්න මේ icing එක පාවිච්චි කරනවනම් වතුර මේස හැදි 3ක් තමයි දාන්න ඔනෙ.

Wednesday, November 28, 2012

Fondant Icing සාදා ගන්නා හැටි

අවශ්‍ය ද්‍රව්‍ය:

White Mini Mashmellows  1 pound
 වතුර මේස හැදි  2 -5 අතර ප්‍රමාණයක්
Icing Sugar  2 pound
Crisco Shortening  1/2 cup

සාදා ගන්නා ආකාරය :

මුලින්ම Mashmellows microwave එකේ use කරන්න කරන්න පුලුවන්විදියෙ glass bowl එකකට දාගෙන එයටම වතුර මේස  හැදි 2ක් දමා කලවම් කර ගන්න. ඊට පස්සෙ bowl එක microwave  එකේ තත්පර 30ක් තියල එලියට අරන් හොදින් කලවම් කරන්න.  ඔයාලට එක ලී හැන්දක මිටෙන් කරන්න පුලුවන්.  මේ විදියට mashmellows ඔක්කොම හොදින් දිය වෙනකම් තත්පර 30 ගානෙ microwave එකේ තිය තියා ගන්න. බොහොවිට මිනිත්තු 2.5 ක් යනකොට ඔක්කොම mashmellows හොදීන් දිය වෙනව. ඊට පස්සෙ ඒ mixture  එකට icing sugar වලින් 3/4ක් දාලා පොඩ්ඩක් කලවම් කරන්න.

දැන් තමයි අර මුලින්ම කිව්ව shortening එක ඔනෙ වෙන්නෙ. . Shortening ටිකක් අරගෙන හොදට අත් දෙකේම ගා ගන්න ඔනෙ. ඊට පස්සෙ අපි fondant  එක අනා  ගන්න යොදා ගන්න counter එකෙත් shortening හොදින් ගාගන්න ඔනෙ. මොකද mashmellow  එක සැහෙන්න ඇලෙන සුලුයි.

දැන් කලින් හදා ගත්ත mashmellow / icing sugar mixture එක එම counter එක උඩට දාලා අත් දෙකෙන්  හොදින් අනාගන්න. අපි පාන් හදද්දි පිටි අනන විදියට තමයි මේ dough එකත් අනා ගන්න ඔනෙ.
මුලින්ම මෙක ගොඩක් ඇලෙනසුලුයි, ඒත් ටික වෙලවක් යද්දි ඒ ගතිය අඩු වේගෙන යනව. එතකොට ඉතිරි icing sugar  ටිකත් දලා හොදින් අනා ගන්න.  මේ විදියට හදා ගන්න  fondant බොලය ඉරෙනවා වගෙ දැනෙනව නම් වතුර මේස හැන්දි 1/2 බැගින් එකතු කරමින් දිගටම හොදින් අනා ගන්න.  Fondant බොලය ඇලෙනව වගෙ දැනෙනව නම් , තව icing sugar එකතු කරන්න.  සාමන්‍යයෙන් මිනිත්තු 8ක් විතර යනකොට අපිට මෙක හදල ඉවර කර ගන්න පුලුවන්. 

මෙතනදි අපිට ඔනෙ නම්, මේ වෙලාවෙම මේක cake  එක හදාගන්න යොදා ගන්න පුලුවන්. ඒත් වැඩියෙන්ම හොදම විදිය තමයි plastic wrap එකකින් දෙවරක් හොදින් ඔතල රැයක් තියල පාවිච්චියට ගන්න එක. හදා ගත්ත  fondant බොලයෙ පොඩ්ඩක් හරි icing sugar  කැට කැට වගෙ තියෙනව පෙනෙනව නම් ඒව අයින් වෙනකම් හොදින් අතින් අනා ගන්න ඔනෙ. නැත්නම් fondant එක cake එක උඩ ඇතිරුවට පස්සෙ ඒ  icing කැට තියෙන තැන් ඉස්සිලා වගේ පේන්න ගන්නව.

Sunday, November 25, 2012

My first cake project




මේක මගේ දුවගෙ 1st birthday එකට කරපු කේක් එකක්. ඒකට ගනිපු theme එක තමයි Hello Kitty. ඒක එච්චරම අමාරු කේක් එකක් නෙමෙයි. ඔයගොල්ලන්ටත් මම හිතන්නෙ ඒක කරන්න පුලුවන් වෙයි. මේ කේක් එක තට්ටු දෙකයි. ‍යට තට්ටුව  Styrofoam එකක්. මොකද මට ලොකු කේක් එකක් ඕන උනේ නැති නිසා තමයි එහෙම කලේ. උඩට හදා ගත්තෙ Butter කේක් එකක්ඒකෙ fondant එක  Pink color එකන්  color කර ගත්තා.



කේක් එක decorate කරන්න mainly යොදා ගත්තෙ fondant icing.
මේ කේක් එක හදා ගනිද්දි  එක්කම cup cakes ටිකකුත් හදා ගත්තා. මොකද birthday එකට එන බබාලා කේක් වලට වඩා cup cake කන්න ආස නිසා. cup cake ටිකත්, ෆොන්ඩන්ට් වලින්ම Hello Kitty ගේ face එක හදා ගනිපු figure වලින් decorate කර ගත්තා.
කේක් එක හදල ඉවර උනාම ඒක වටේට තියන්න Happy Birthday කියලා ෆොන්ඩන්ට් වලින්ම text එකක් හදා ගත්තා. ඒක කලේ ෆොන්ඩන්ට් cutter වලින් නෙමෙයි. ෆොන්ඩන්ට් එක layer කර ගෙන අතින් ඒක උඩින් අකුරු ලියා ගෙන ඒක පොඩි පිහියකින් හිමින් කපා ගෙන පස්සෙදි අකුරු අතින් තවත් හැඩ කර ගත්තා. මොකද පිහියෙන් කපද්දි හොඳට එන්නෙ  නැති නිසා.

Fondant Icing සාදා ගන්නා හැටි

මේ video එකෙන් ඔයාලට idea එකක් ගන්න පුලුවන් වෙයි කොහොමද ෆොන්ඩන්ට් bow එකක් හදන්නේ කියලා... 

මේ video එකෙන් ඔයාලට hello kitty හදන හැටි බලා ගන්න පුලුවන්
http://www.youtube.com/watch?v=itmyyJoEIug


Ateco Revolving Round Cake Decorating Stand (Google Affiliate Ad)


My second cake project





මේ කේක් එක මම කලේ මගෙ anniversary එකට. පැය 20ක් විතර ගියා මේක හදන්න. මම හිතනවා  ඒක ඔයාලටත් කර ගන්න පුලුවන්  වැඩක් කියල. මේකෙ අමාරුම දේ කියල මම හිතන්නෙ මේකෙ  figures හදන්න ගනිපු fondant සහ gum paste එක හරියට හදා ගන්න එක. ටික නියම පදමට ආවොත් මේක කරන එක අමාරු නෑ.


මේක හදද්දි මම mainly techniques තුනක් use කලා.
Fondant
Gum Paste
Butter cream icing

අනික මතක් කරන්න ඕනෙ වැදගත්ම කාරනේ තමයි මේක හදද්දි මම ඉන්නෙ ලන්කවෙ නෙවෙයි. ඉතින් ලන්කාවෙදි මේවා හදා ගන්න මොනවද ගන්න ඕනෙ බඩු කියල මම හරියටම දන්නෙ නෑ. කවුරු හරි මේ ගැන දන්නවානම් හදන විදිය comment එකක් දාන්න අනික් අයටත් බලා ගන්න.

මම දන්න විදියට ෆොන්ඩන්ට් හදන එක එක ක්රම තියෙනවා. මට ලේසිම වුනේ මර්ශ්මෙලොවස් වලින් හදන එක.

කොහොමද ෆොන්ඩන්ට් හදා ගන්නේ
http://videokatha.blogspot.com/2012/11/fondant-icing-saadaa-ganna-heti.html

ෆොන්ඩන්ට් හදන හැටි වැඩි විස්තර පහල තියෙන video එකෙන් බලා ගන්න පුලුවන්.
http://www.youtube.com/watch?v=p9rlJeJsJR0

කොහොමද Gum Paste හදා ගන්නේ
http://www.youtube.com/watch?v=8897KiMDzxY

Butter cream icing recipe

Carrot cake recipe
http://allrecipes.com/recipe/sams-famous-carrot-cake/

Wilton Trim 'n Turn ULTRA Cake Turntable (Google Affiliate Ad)