Thursday, January 3, 2013

බැදලා කන Ice Cream


Deep Fried Ice Cream

මම කාපු කෑම වර්ග වලින් ගොඩාක්ම රස කෑමක් තමා මේක. ඉතින් ඔයාලටත් ඒක ලේසියෙන්ම වගේ කර ගන්න පුලුවන් වෙවි මේ වීඩියෝ එක බලුවොත්.

අවශ්‍ය ද්‍රව්‍ය:

අයිස් ක්‍රීම්
බිස්කට් කුඩු/ කුඩු කරගත් සීරියල්
බිත්තර සාරු
බැද ගැනීමට තෙල්


සාදා ගන්නා ආකාරය :

1. පළමුව අයිස් ක්‍රීම් හැන්දකින් ගෙන බෝලයක් ආකාරයට සකසා, බිස්කට් කුඩු වල හොදින් දවටන්න. බිස්කට් හොදටම කුඩු කර ගන්නත් එපා. තරමක් කෑලි තිබුනම එකෙ රස වැඩී.
2. මේ හදා ගනිපු අයිස් ක්‍රීම් බෝල  ෆ්‍රීසර් එකට දමන්න.
3. එය හොදින් ඝණවූ පසු නැවත ෆ්‍රිජ් එකෙන් එලියට ගෙන  බිත්තර සාරු වල තවරා බිස්කට් කුඩු වල හොදින් දවටා නැවත ෆ්‍රීසර් එකට දමන්න.
4. තුන් වෙනි වරටත් මේ හදා ගනිපු අයිස් ක්‍රීම් බෝල ෆ්‍රිජ් එකෙන් එලියට ගෙන  බිත්තර සාරු වල තවරා හොදින් වැහෙන්න මේ කුඩු එක ඔතන්න ඔනෙ. නත්නම් එක බදින වෙලවෙ දිය වෙනවා.
5. එය නැවත ෆ්‍රීසර් එකට දමන්න.
6. එලෙස ටික වෙලාවක් තබා නැවත එලියට ගන්න. තෙල් ටිකක් ලිප තබා එය හොදින් රත්වූ පසු සාදා ගත් අයිස් ක්‍රීම් බෝල තෙල් එකට දමා තත්පර 5-10ක් පමණ තබා බා ගන්න.
වඩි වෙලා තියන් එපා. ඉක්මනටම දිය වෙනවා.
ඊට පස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ.


2 comments: