Thursday, June 27, 2013

චිත්‍රය සහ කර්ඩ්බොර්ඩ් ෆ්‍රේම් එක (Art & the Cardboard Frame)


හැම  දරුවෙක්ම කලාකාරයෙක් ගැටලුව  තියෙන්නේ අපි  වැඩිමහලු වෙද්දි  ඒවා   කොච්චර ළඟ තියා ගන්නවද  කියන එකයි. ~ පැබ්ලෝ පිකාසෝ
 
අපි  හැමෝම කලාකාරයෝ. අපි  හැමෝටම කලා කෘති කරන්න  පුළුවන්. හොඳට බලන්න මේක කාඩ්බෝඩ් වලින් හදාපු ෆ්රේම් එකක්. කිසිම වියදමක් ගියේ නැහැ.

කලාව  කියන්නේ හරිම  අපුරු දෙයක්. ඒකෙන් අපි  නොහිතන පහසුවක්, ලාබයක්, තෘප්තියක් අපේ ජීවිත වලට ලැබෙනවා. බොහොවිට අපි නොදැනුවත්වම. මම නම්  කලාව තුලින් ලබාගන්න ප්රොයෝජන අසීමිතයි. බලන්න මේ විඩියෝ එක. 


මම  මේ ආර්ට්  එක කලේ  ඇක්රලික් යොදාගෙන කැන්වස්  එකක් මත. මේකේ විශේෂත්වය තමා  මේකේ ෆ්‍රේම් එකත් මමම  සකස් කරගනිපු  එක. ඒක  කලේ පරණ  කාඩ්බෝඩ් පෙට්ටියක් ආධාරයෙන්. ඉතින් මේ  වගේ ෆ්‍රේම් එකක් කඩෙන්  ගන්න  ගියා නම් කොච්චර ලොකු මුදලක් වැය වෙනවද  කියල හිතල  බලන්න.
මට  හිතෙන විදියට  නම් කලාව  කියන්න හැමෝටම කරන්න  පුළුවන් දෙයක්. සමහරු  කියන විදියට  ඒකට විශේෂ  හැකියාවක් තියෙන්න ඕනේ නැහැ. අපි  පොඩ්ඩක් ඒ   වෙනුවෙන් කාලය වෙන් කරලා ඒ ගැන හිතුවොත් ඒක කරන්න  පුළුවන් කියන  එක මට අනිවාර්යෙන්ම කියන්න පුළුවන් දෙයක්.
චිත්‍ර සහ සංගීතය විතරක් නෙමේ  කලාව කියන්නේ. මේ  වීඩියෝ එකේ  මම කතා  කරනවා කලාව  කරන්න පුළුවන් මාධ්‍යන් විශාල  ප්‍රමාණයක්  තියෙනවා කියලා . ඉතින්  ඒවායින් මොනවද  අපිට ගැලපෙන්නේ සහ කරන්න පුළුවන් කියල  බැලුවොත් ඔයාලා  ඕනෙම කෙනෙකුට  ලේසියෙන්ම කලාකාරයෙක් වෙන්න පුළුවන්. 

මේ තියෙන්නෙ ෆ්‍රේම් එක හදපු ආකාරය. හැබයි හොඳ ගම් 1ක් තියෙන්න ඕනෙ මේ කාඩ්බෝඩ් අලවන්න නම්. නැත්නම් මේක ගැලවෙන්න බලනවා. මට හිතන්නෙ ගම් වලින් කරන්න බැරි නම් ස්ටෙප්ලර් කරලත් කරන්න පුලුවන් වේවි.





පහල තියෙන පින්තූර බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි කොහොමද මේ චිත්‍රය ඇන්දෙ කියලා.





අන්තිමට කියන්න තියෙන්නෙ මේ ආර්ට් වර්ක් ඒ තරම් අමාරු නැහැ කරන්න. පටන්ගන්න එක තමා තියෙන්නෙ. පටන් ගත්තට පස්සෙ ටිකක් ඒ වෙනුවෙන් කාලය වෙන් කරල හොඳට හිතල බැලුවම ලේසියෙන්ම කර ගන්න පුලුවන් වෙයි. හැබැයි පළවෙනි සැරෙන්ම හොඳ අර්ට් වර්ක් 1ක් අපිට කර ගන්න බැරි උනාට දෙතුන් පාරක් කරද්දි අපිට වැඩේ හොඳට අල්ල ගන්න පුලුවන්. ඉතින් පසුබට වෙන්න එපා. මම දන්නවා ඔයාලට පුලුවන් කියලා.

Saturday, June 15, 2013

My Egg Project

I just had one crazy idea to scramble an egg without opening it. let's see how did that work. බලමුද මගේ බිත්තර project  එක.


මේ project එකෙන් මම උත්සාහ කරන්නෙ බිතරයක් කඩන්නෙ නැතුව ඒක අතුලෙදිම කහ මදයයි, සුදු මදය්යි mix කරන්න පුලුවන්ද කියල බලන්න. ඔයාලට මීට වඩා හොඳ ideas එනවනම් මට comment එකක් දාන්න.

Sunday, May 26, 2013

මොකක්ද මේ Microwave?

Microwave oven එක අහන්බෙන් හොයාගනිපු නිපැයුමක්. කොහොමද මේ Microwave එක වැඩ  කරන්නෙ. මොකක්ද මැග්නට්‍රොන් එක  කියන්නෙ. ප්ලාස්ටික් හදන්න  ගන්න BPA අපි හිතන  තරම් නරකද? වැඩි විස්තර දැන ගන්න බලන්න මේ වීඩියෝ එක.