හැම දරුවෙක්ම කලාකාරයෙක් ගැටලුව
තියෙන්නේ අපි
වැඩිමහලු වෙද්දි ඒවා
කොච්චර ළඟ තියා ගන්නවද
කියන එකයි. ~
පැබ්ලෝ පිකාසෝ
අපි හැමෝම කලාකාරයෝ. අපි හැමෝටම කලා කෘති කරන්න පුළුවන්. හොඳට බලන්න මේක කාඩ්බෝඩ් වලින් හදාපු ෆ්රේම් එකක්. කිසිම වියදමක් ගියේ නැහැ.
මම
මේ
ආර්ට්
එක
කලේ
ඇක්රලික් යොදාගෙන කැන්වස් එකක් මත.
මේකේ
විශේෂත්වය තමා
මේකේ
ෆ්රේම් එකත් මමම
සකස්
කරගනිපු එක. ඒක
කලේ
පරණ
කාඩ්බෝඩ් පෙට්ටියක් ආධාරයෙන්. ඉතින්
මේ
වගේ
ෆ්රේම් එකක් කඩෙන් ගන්න ගියා නම් කොච්චර ලොකු මුදලක් වැය වෙනවද කියල හිතල බලන්න.
මට
හිතෙන
විදියට
නම්
කලාව
කියන්න
හැමෝටම
කරන්න
පුළුවන් දෙයක්.
සමහරු
කියන
විදියට
ඒකට
විශේෂ
හැකියාවක් තියෙන්න ඕනේ නැහැ. අපි පොඩ්ඩක් ඒ
වෙනුවෙන් කාලය
වෙන් කරලා ඒ ගැන
හිතුවොත් ඒක
කරන්න
පුළුවන් කියන
එක
මට
අනිවාර්යෙන්ම කියන්න පුළුවන් දෙයක්.
චිත්ර සහ සංගීතය
විතරක්
නෙමේ
කලාව
කියන්නේ. මේ
වීඩියෝ
එකේ
මම
කතා
කරනවා
කලාව
කරන්න
පුළුවන් මාධ්යන් විශාල ප්රමාණයක් තියෙනවා කියලා .
ඉතින්
ඒවායින් මොනවද
අපිට
ගැලපෙන්නේ සහ කරන්න පුළුවන් කියල බැලුවොත් ඔයාලා ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම කලාකාරයෙක් වෙන්න
පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhI8JwecTWAiD4ZC4YCTiVauM9EjmtAaKkjnrCB8xGhjfDixVEC2V5X_jym8z4HmglLgWMByJJlXbQb4k78jMmtcu_b-P0Kh6S7uULCRddfBTkipdpSrgSpGXD49Fz9rbR_im47J-6Q-NzC/s320/Blog1.jpg)
අන්තිමට කියන්න තියෙන්නෙ මේ ආර්ට් වර්ක් ඒ තරම් අමාරු නැහැ කරන්න. පටන්ගන්න එක තමා තියෙන්නෙ. පටන් ගත්තට පස්සෙ ටිකක් ඒ වෙනුවෙන් කාලය වෙන් කරල හොඳට හිතල බැලුවම ලේසියෙන්ම කර ගන්න පුලුවන් වෙයි. හැබැයි පළවෙනි සැරෙන්ම හොඳ අර්ට් වර්ක් 1ක් අපිට කර ගන්න බැරි උනාට දෙතුන් පාරක් කරද්දි අපිට වැඩේ හොඳට අල්ල ගන්න පුලුවන්. ඉතින් පසුබට වෙන්න එපා. මම දන්නවා ඔයාලට පුලුවන් කියලා.